Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති බ්‍රිතාන්‍යය බලා පිටත්ව යයි 




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත වී සිටින එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටිනවා.

ජනාධිපතිවරයා සමග තවත් රාජතාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු ද දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පිටත්ව ගොස් තිබේ .

මෙම පිරිස අද දින අලුයම 03.33 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඉන් අනතුරුව මොවුන් එතැන් සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා වෙනත් ගුවන් යානයකින්  පිටත්ව යාමට නියමිතව ඇත.

 මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරයයි.