Saturday, May 4, 2024

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්




අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාද වී තිබෙනවා. ඇතැම් දුම්රියන් නියමිත කාලයට වඩා විනාඩි 45ක පමණ ප්‍රමාද වී ධාවනය වන බවයි වාර්තා වුණේ. ඇතැම් දුම්රියන් අවලංගු කර ඇති බවද දුම්රිය මගීන් පැවසුවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී පෙරේදා දිනයේ දුම්රියක් පීලි පැනීමට ලක් වූ අතර  එම මාර්ගය මෙතෙක් යථා තත්ත්වයට පත් කර නොමැති බැවින් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි පාලක මැදිරිය පැවසුවේ.