Tuesday, May 7, 2024

General line - 0115112241

රටේ ඇති ආර්ථික අර්බුදය හමුවේ වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය වසර 30කින් ආපස්සට ගිහින් - මන්ත්‍රී පාඨලී කියයි

රංජිත් රාජපක්ෂ




රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් වතුකරයේ ජන ජීවිතය වසර 30 කින් පමණ ආපස්සට ගොස් ඇති බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. හැටන් නගරයේ පැවැති 43 වන සේනාංකයේ නුවරඑළි දිස්ත්‍රික් කමිටු රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු කටයුත්තක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.