Tuesday, May 14, 2024

General line - 0115112241

සහනයක් නැත්නම් විදුලි බිල නොගෙවා සිටීමට සිදුවන බව අස්ගිරි පාර්ශවය කියයි




ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කළද බලධාරීන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසනවා.

පවතින තත්ත්වය හේතුවෙන් ඇතැම් විහාරස්ථාවලට විදුලිබල ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවයි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ.

ආගමික ස්ථානවල සූර්ය විදුලිබල පද්ධති ස්ථාපිත කිරීම වැනි විකල්ප ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළයුතු වුවත් එවැනි වැඩසටහන්ද නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දුන්නේ.    
පවත්නා තත්ත්වය යටතේ විදුලිබිල නොගෙවා සිටීමට විහාරස්ථානවලට  සිදුවනු ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.