Wednesday, May 15, 2024

General line - 0115112241

වී කිලෝවකට රුපියල් 150 ක මිලක් නියම කරන ලෙස මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු ඉල්ලයි




ලබන මහ කන්නය දක්වා නාඩු වී කිලෝවකට රුපියල් 150 ක සහතික මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන මිත්‍රපාල ලංකේෂ්වර පවසනවා.
 
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එසේ සිදු නොකළ හොත් ගොවීන් අධෛර්යයට පත්වී එළඹෙන මහ කන්නයේදී වී ගොවිතැනින් ඉවත්වීමේ අවදානමක් පවතින බවයි.

වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් නියම කළ ද සහල් මිල ඉහළ යාම වැළැක්වීම ද රජය අවශ්‍ය මැදිහත්වීම් සිදුකළ යුතු බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.