Thursday, May 16, 2024

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේදී තවත් දුම්රිය පීලිපැනීමක්




මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පස්වරුවේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
 
එලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ මරදාන දුම්රිය ස්ථානයේ සිට හික්කඩුව බලා ධාවනය වන සීග්‍රඝාමී දුම්රියයි.

මීට දින කිහිපයකට පෙරදී කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී ද දුම්රියක් පීලි පැනීමට ලක්වූ අතර එම දුම්රිය ඉවත් කර දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත වුණා.