Tuesday, May 7, 2024

General line - 0115112241

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මාරවිල පොලිස් නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක්

ජූඩ් සමන්ත




සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී පිහි ඇනුමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාරවිල කුරුස හංදිය ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් පැහැරගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම නිලධාරියාට සැකකරු විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාරවිල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී පැහැර ගන්නා ලද කාන්තා අත්බෑගය ද සොයා ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.