Thursday, May 16, 2024

General line - 0115112241

නෙත් FM බැලුම්ගල හෙලිකල ජාවාරම්කරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මහජන විරෝධතාවයක්




නෙත් එෆ් එම් බැලුම්ගලින් හෙළි කළ මුදල් ජාවාරම්කරුවන් දෙදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එම ජාවාරමට හසුවූ පිරිස් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. අවස්ථා ගණනාවකදී නෙත් එෆ් එම් බැලුම්ගල මහා පරිමාණ පිරමීඩ් පන්නයේ මුදල් වංචාවක් පිළිබඳ අනාවරණය කෙරුණා.

අනිල් බණ්ඩාර නමැත්තෙකු විසින් එම ජාවාරම “ෆාස්ට් ත්‍රී සයිකල්” නොහොත් “එෆ් ත්‍රී සී ” ලෙස පවත්වාගෙන ගොස් තිබුණා. අනෙක් ජාවාරම “ඕම් ඉන්වෙස්මන්ට්” නමින් සහන් අකලංක නමැත්තා පවත්වාගෙන ගොස් තිබුණේ වැඩි පොළී මුදලක් ලබාදෙන බව පවසමින්.

එම ජාවාරම්වලට හසුවූ පිරිස ඊයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් ද පැවැත්වුවා. එහිදී එම ජාවාරමට හසුවූ පුද්ගලයෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

එම ජාවාරමකට තවත් පිරිසක් යොමුකළ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවක් අදහස් පළ කළේ මෙලෙසයි.

අද දිනයේද බැලුම්ගල වැඩසටහනින් මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කෙරෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව බැලුම්ගල වැඩසටහන සමඟ ඔබට ශ්‍රවණය කළ හැකියි.