Wednesday, May 15, 2024

General line - 0115112241

රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ගිය ජනපති යළි දිවයිනට

ටී කේ ජී කපිල




බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද උදෑසන යළි දිවයිනට පැමිණියා. 

ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

 ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ තුළත්, ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපසත් සහ ගුවන් ධාවන පථය අවටත්  ආරක්ෂාව දැඩි කර තිබුණු බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.