Thursday, May 16, 2024

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මහ බැංකු අධිපති සුබවාදී බලාපොරොත්තුවක




ද්වීපාර්ශවික ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගතකිරීමට අදාළ එකඟතාවන් ලබන සිකුරාදා සිට ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එම එකඟතාවන් ණය හිමින්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මුල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පවසන්නේ. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම අදහස් පළ කළා.

රටේ ආර්ථික ස්ථායිතාව ඇතිකර ගැනීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළඹිය යුතු බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුවේදී විවධ අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන දැක්වූයේ මෙවන් අදහසක්.