Thursday, May 9, 2024

General line - 0115112241

තේ අපනයන ආදායම ගැන මණ්ඩලය සුබවාදී බලාපොරොත්තුවක




තේ අපනයනය කිරීමෙන් ලැබෙන ආදායම ඉදිරි මාස 4 තුළදී ඉහළ යනු ඇතැයි තේ මණ්ඩලය පවසනවා. වර්තමානයේ අපනයනය කෙරෙන තේ කිලෝවක මිල අමෙරිකානු ඩොලර් 5යි දශම 4ක් දක්වා ඉහළ යාම ඊට හේතුව බවයි තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. 

ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ තේ අපනයන ආදායම අඩුවීමට බලපෑ හේතු කවරේදැයි නෙත් නිවුස් තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධනගෙන් මෙහිදී විමසීමක් කළා. 

තේ අපනයනය කිරීමෙන් ඉහළ මිලක් ලැබීම හේතුවෙන් ඉහළ දැමුණු විදුලි බිලට වැය වන අමතර මුදල ද තේ කර්මාන්තයේ යෙදෙන පිරිසට ආවරණය කරගත හැකි බවයි තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන වැඩිදුරටත් සදහන් කළේ.