Thursday, May 9, 2024

General line - 0115112241

වී අස්වනු ලබන සතියේ සිට යළි ගොවීන්ගෙන් මිලදී ගන්න රජයේ අවධානය

කමල් සුරවීර




ලබන සතියේ සිට ගොවීන්ගේ වී මිලදී ගැනීම් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසුවේ වී මිලදී ගැනීම සදහා යම් මුදල් ප්‍රමාණයක් ලබා දෙන බවට ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළ බවයි. 

ආනයනික රතුලූණු සදහා බද්දක් පැනවීමට ද අදාළ අංශ යළිත් දැනුවත් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.