Tuesday, May 14, 2024

General line - 0115112241

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙක් පත් කෙරේ




ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබෙනවා. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව සදහා බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර ඇති අතර මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පත් කර තිබෙනවා.

වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කර ඇති අතර වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පත් කර තිබෙනවා. ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.