Wednesday, May 15, 2024

General line - 0115112241

පැය 22 ක මෙහෙයුමකින් පසු පැල්වෙහෙරේ ලිඳකට වැටුණු වන අලියා මුදා ගැනේ

කාංචන කුමාර




දඹුල්ල, පැල්වෙහෙර සේරුගස්යාය ප්‍රදේශයේදී අඩි 45කට වැඩි ගැඹුරක් සහිත වගා ළිදකට ඇද වැටී සිටි වන අලියා බේරා ගැනීමට අද අලුයම වන විට වනජීවී නිලධාරීන් සමත් වුණා. ඒ, පැය 22 කට අධික මෙහෙයුමකින් පසුවයි.

ඊයේ උදෑසන 06 ට පමණ ආරම්භ වූ වන අලියා බේරා ගැනීමේ මෙහෙයුම අද අලුයම 04 ට පමණ අවසන් කිරීමට හැකිවූ බවයි දඹුල්ල නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.