Thursday, May 16, 2024

General line - 0115112241

මංකොල්ලයකට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට




තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලදී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු විසින් අදාළ බැංකුවේ තැන්පත් කිරීම සඳහා රැගෙන ආ මුදල් පැහැර ගෙන පළායාමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනේ ඊයේ දිනයේදීයි.

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.