Tuesday, May 14, 2024

General line - 0115112241

දෙමටගොඩ දුම්රිය අංගනය තුළ අනතුරකින් පැරණි ගොඩනැගිල්ලකට හානි

බිමල් ශ්‍යාමන්




දෙමටගොඩ දුම්රිය අංගනය තුල ධාවනය වූ දුම්රියක් කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලකට බරපතල අලාභ හානි සිදුව තිබෙනවා.

නඩත්තු කටයුත්තක් සඳහා දුම්රිය අංගනයට රැගෙන ආ දුම්රිය නැවතීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කළා. අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.