Tuesday, May 14, 2024

General line - 0115112241

රන් බිස්කට් 08 ක් සමඟ ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු රේගු භාරයට




රන් බිස්කට් 08 ක්  නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් බැහැර කිරීමට තැත් කළ ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ආරක්ෂක නිලධාරීවරයා එම රන් බිස්කට් තොගය සිය කලිසම් සාක්කුවේ සගවාගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසු කර ගෙන යාමට උත්සාහ දරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි රේගුව පැවසුවේ.

එහිදී රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති රන් බිස්කට්වල වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවද ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සදහන් කළා.