Tuesday, May 14, 2024

General line - 0115112241

නොරොච්චෝලේ බිඳවැටීමට හේතුව ගැන ලංවිම ඉංජිනේරුවන් කථා කරයි




නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර විටින් විට කාර්මික දෝෂයන්ට ලක්වීමට හේතුව නිසි අවස්ථාවේදී නඩත්තු කටයුතු සිදු නොකිරීම බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති අනිල් රංජිත් ඉදුවර පැවසුවේ ඊයේ දිනයේදී කාර්මික දෝෂයකට ලක් වූ ජනන යන්ත්‍රය නියමිත කාලයේදී අලුත් වැඩියාවට ලක් නොකළ එකක් බවයි.     

එම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කරන තෙක් ඇතැම්විට දෛනික විදුලි කප්පාදුව දීර්ඝ වීමට ඉඩ ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.