Tuesday, May 14, 2024

General line - 0115112241

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබද අද සාකච්ජා කරනවා - අමාත්‍ය විදුර වික්‍රමනායක




ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමග අද දිනයේ සාකච්ඡා කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ආගමික ස්ථානවල වැඩිවූ විදුලිබිල සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවාදැයි එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 

ආගමික ස්ථානවල වැඩිවූ විදුලිබිලට සහනයක් ලබාදෙන්න කොපමණ කාලයක් ගතවන්නේ දැයි නෙත් නිවුස් අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් විමසීමක් කළා.