Saturday, May 18, 2024

General line - 0115112241

පාසල් සිසුන් ක්ලාන්තවී අදවැටීම් නතර කළ හැකි පියවරක් ගැන අධ්‍යාපන බලධාරීන්ගෙන් යෝජනාවක්




උදෑසන පාසල් ආරම්භ කළ අවස්ථාවේම සිසුන්ට ආහාර ලබාගැනීමට ඉඩ ලබාදෙන්නේ නම් ක්ලාන්තවී අදවැටීම් නතර කළ ගත හැකි බව මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. නිලන්ති පෙරේරා පවසනවා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඇය සදහන් කළේ එලෙස ක්‍රියා කිරීමෙන් පාසල තුළ ඉගැන්වීම් ක්‍රියාවලියද සාර්ථක කර ගැනීමට හැකි වන බවයි.

පවතින ආර්ථික අර්බුද හමුවේ පාසල් සිසුන් වෙනුවෙන් ගුරුවරුන්ටද වැඩි වගකීමක් පවතින බවයි මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. නිලන්ති පෙරේරා පැවසුවේ.

එහිදී ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ නියෝජිත, රිජ්වේ ආර්්‍යයා ළමා රෝහලේ වෛද්‍ය ජානක මාරසිංහ ද අදහස් පළ කළා.