Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මිලට ගල් අඟුරු ණයට ගන්න ටෙන්ඩර් කැඳවයි




ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

අමාත්‍යවරයා පවසන්නේ ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකි බවයි.

ඒ අනුව අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ හැකි විය යුතු බවටද එහිදී කොන්දේසියක් පනවා තිබෙනවා. එමෙන්ම දීර්ඝ කාලීන ටෙන්ඩරය ද එළැඹෙන සතියේ නිකුත් කර බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. නිසි කලට ගල් අඟුරු නොලැබුණු හොත් ඔක්තොම්බර් මාසයේදී පැය 10 කට ආසන්න විදුලි කප්පාදුවකට යාමට සිදුවනු බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනටමත් අනතුරු අඟවා අවසන්.

මේ අතර අද දිනයේද පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක්ද, රාත්‍රී කාලයේදී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද සිදු කරනු ඇති.