Saturday, May 18, 2024

General line - 0115112241

අරගලය යළි සැලසුම් සහගතව අරඹන බව ජාතික ජනබලවේගය කියයි




අරගලය යළි සැලසුම් සහගතව අරඹන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

පැවති අරගලයට සිදුවූයේ කුමක්දැයි මෙහිදී ප්‍රශ්ණ කෙරුණා.

මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවේ.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07 යි 30 ට ප්‍රචාරයවීමට නියමිතයි.