Saturday, May 18, 2024

General line - 0115112241

පෙරපාසැල් දරුවන්ට කෑම දීමේ වැඩසටහන, මුදල් නැතිව නතර කෙරේ




මුල් ළමාවිය සංවර්ධන, පෙරපාසැල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, මුදල් නොමැතිවීම හේතුවෙන්. මුල් ළමාවිය සංවර්ධන, පෙරපාසැල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කර ඇත්තේ අගෝස්තු මාසයේ සිටයි.

එහෙත් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ චක්‍රලේඛයක් මඟින් දක්වා ඇත්තේ මුදල් නොමැතිවීම හේතුවෙන් තවමත් අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙකෙහි අත්තිකාරම් පවා නිදහස් කිරීමට නොහැකිවී ඇති බවයි. එම හේතුව මත අත්තිකාරම් නිදහස් කරන තෙක් හා නැවත දැනුම්දනෙතුරු මෙම වැඩසටහන තාවකාලිකව නතර කරන ලෙසටයි දක්වා ඇත්තේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගෙන් විමසීමක් කළා.

මෙම තොරතුරු වාර්තා වන්නේ ළමා මන්දපෝෂණය පිළිබඳ විවිධ වාර්තා ඉදිරිපත් වන පසුබිමකයි. එවන් තත්ත්වයක් තුළ මුල් ළමාවිය සංවර්ධන, පෙරපාසැල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන යළි ආරම්භ කිරීමට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරියගෙන් නෙත් නිවුස් ප්‍රශ්ණ කළා.