Saturday, May 18, 2024

General line - 0115112241

නිවාස ඉදිකර දෙන බව කියා මුදල් වංචා කළ පුද්ගලයෙකු ගැන පැමිණිලි රැසක්




නිවෙස් ඉදි කර දෙන බව පවසා අයුතු ලෙස මුදල් වංචා කල පුද්ගලයෙකු පිළිබද පැමිණිල්ලක් සිදු කිරීම සදහා එම වංචාවට ලක් වූ පුද්ගලයින් රැසක් මිරිහාන පොලිසිය වෙත අද පැමිණ තිබෙනවා. මෙම වංචාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ද මීට පෙර අනාවරණ කළා. 

සමාජ මාධ්‍ය ජාලවල දුටු දැන්වීමක් අනුව ගංගොඩවිල පොලිසිය ඉදිරිපිට ඇති අදාළ ආයතනය වෙත ගොස් තම නිවෙස් ඉදි කර ගැනිම සදහා මුදල් ලබාදුන් බවයි පැමිණිලිකරුවන් පවසන්නේ.

එලෙස මුදල් ලබාදී වසර ගණනාවක් ගත වුවත් නිවාස ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට අදාල පුද්ගලයා කටයුතු කර නොමැති බවද පැමිණිලිකරුවන් වැඩිදුරටත් පවසනවා.