Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට යූරියා පොහොර දෙන්න ඉරානයේ එකගතාව




ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂෙම් අෂ්ජසාදේ සහ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර අතර සිදුවූ සාකච්ඡාවකදීයි.

එහිදී රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යුරියා පොහොර ලබා දීම සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව ඉරාන තානාපතිවරයා පැවසූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. එළඹෙන මහ කන්නය සදහා යූරියා පොහොර යම් ප්‍රමාණයක් හෝ ලබා දීමටයි එහිදී අවධානය යොමු වී ඇත්තේ.