Saturday, May 18, 2024

General line - 0115112241

ජාතික සභාවේ මංගල රැස්වීමේදී අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කරයි




පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවති ජාතික සභාවේ මංගල රැස්වීමේදී අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීම සදහායි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජාතික සභාවේ පළමු රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු එක්ව සිටි බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වූවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද එහිදී අදහස් පළ කළා. 

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙලෙස පිළිතුරු ලබාදුන්නා.