Saturday, May 18, 2024

General line - 0115112241

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ”පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ” අඩංගු ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අරගලයේ නියුතුව සිටි ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාට නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් ප්‍රතිපාදනවලින් යම් පුද්ගලයෙකු අධිකරණ නියෝගයකින් තොරව පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට බලය ලබා දී ඇති බවයි.

ඊට අමතරව පුද්ගල නිදහස හා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රශ්නගත ප්‍රතිපාදන සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.