Saturday, May 18, 2024

General line - 0115112241

ඉහල දැමු දුම්රිය ගාස්තුවෙන් ප්‍රයෝජනයක් නැති වෙයි




දුම්රිය ගාස්තු ඉහළ දැමුණද ඉන්ධන සදහා වැයවන මුදල මෙතෙක් ආවරණය කර ගැනීමට නොහැකි වූ බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනනවා.

ඉකුත් අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 1082ක ආදායමක් ඉපැයුවද දුම්රිය ධාවනය සදහා ඉන්ධන ලබා ගැනීමට රුපියල් මිලියන 1348ක් වැය වූ බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ. 

විකල්ප ආදායම් හරහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.