Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් විශ්මලන්ත රේඩියෝව අද සිට කළුතරදී




ලෝක ළමා දිනයට සමගාමීව කළුතර විද්‍යාලයේදී හෙට ආරම්භ වන නෙත් එෆ් එම් විශ්මලන්තයේ, “නෙත් විශ්මලන්ත රේඩියෝව” අද පස්වරුවේ සිට ප්‍රචාරය වනවා. එහි ඉදිරිපත් කිරීම් සිදු කරන්නේ කළුතර විද්‍යාලය සහ අවට විද්‍යාලවල සිසුන් විසින්.

“පැංචෝ ඩොට් එල් කේ” වෙබ් අඩවියට පිවිසීමෙන් නෙත් විශ්මලන්ත රේඩියෝව ඔබට ද ශ්‍රවණය කළ හැකියි. 

මේ අතර කළුතර විද්‍යාලයේදී හෙට පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තයේ සූදානම පිළිබද එම විද්‍යාලයේ විදුහල්පති හර්ෂණ පීරිස් මෙලෙස අදහස් පළ කළා. 

කළුතර විද්‍යාලයේ පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සම්බන්ධයෙන් කළුතර කලාප අධ්‍යක්ෂක අජිත් වික්‍රමාරච්චි ද අදහස් පළ කළා. 

කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා මන්චි බිස්කට්, සමපෝෂ, මහජන බැංකුව සහ විෂන් කෙයාර් ප්‍රධාන අනුග්‍රහය ලබාදෙනවා.