Saturday, April 27, 2024

General line - 0115112241

මහ රැජිණගේ මරණ සහතිකයෙන් ලොවට හෙළිවූ දේ




බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහ රැජිණගේ මරණය ලොවට ප්‍රකාශ කළ වේලාවට පැය 03 කට පමණ පෙර ඇය මියගොස් සිටි බව අනාවරණවී තිබෙනවා. ඒ, මහ රැජිණගේ මරණ සහතිකයෙන්.

මහ රැජිණ සැප්තැම්බර් 08 වනදා සවස 3.10 ට මියගොස් සිටි බව එහි දැක්වෙනවා. කෙසේවෙතත් බකින්හැම් මාළිඟය රැජිණගේ මරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ සවස 6.30 ටයි. ඒ වන විට මහ රැජිණ 96 හැවිරිදි වියේ පසුවුණා.

දෙවන එළිසෙබෙත් මහ රැජිණගේ මරණ සහතිකය මේ වන විට මාධ්‍යයට නිකුත්වී ඇති අතර එහි මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ වයෝවෘද්ධභාවයට පත්වීමයි. 

කෙසේවෙතත් වයෝවෘද්ධභාවයට පත්වීම ලෙස පමණක් මරණ සහතිකයේ මරණයට එකම හේතුව ලෙස සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් නොවන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.