Saturday, May 18, 2024

General line - 0115112241

මෙරට ආහාර උද්ධමනය අඛණ්ඩව තවත් ඉහළට




මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේදි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඵ්,  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ වාර්තාවට අනුවයි. ඵ් අනුව අගෝස්තු මාසයේ සියයට 64 දශම 3 සිට සැප්තැම්බර් මාසය වනවිට උද්ධමනය සියයට 69 දශම 8 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඵමෙන්ම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී ඉහළගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ. අගෝස්තු මාසයේ සියයට 93 දශම 7ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 94 දශම 9ක් දක්වා ඉහළගොස් තිබෙනවා. 

පසුගිය මාසයේ සියයට 50 දශම 2 වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද මෙම මාසයේ සියයට 57 දශම 6ක් දක්වා ඉහළගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. කෙසේවුවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය දැක්වුණේ සියයට 46යි දශම 6ක් ලෙසයි.