Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ කාටත් කලින් ලෝක කුසලානය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් බව කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. ඒ, ලෝක කුසලානයට යාමට පෙර කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඕස්ට්‍රේලියානු තණතිලිවලට මුහුණදීමට ඇති සූදානම පිළිබදවද නායක දසුන් ශානක මෙහිදී අදහස් පළ කළා.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ද එක්වුණා. එහිදී ඔහු කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට සති දෙකකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යන බවයි. 

 

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ඕස්ටේ්‍රලියාවේදී ආරම්භවීමට නියමිතයි. පළමු තරගය පැවැත්වෙන්නේද ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි.