Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් විශ්මලන්තය කළුතරදී




ලෝක ළමා දිනයට සමගාමීව කළුතර විද්‍යාලයේදී පෙරවරු 08 සිට අද දවස පුරා පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

නෙත් එෆ් එම් විශ්මලන්තය සඳහා සංවිධාන ශක්තිය ලබාදෙන්නේ කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයයි. අධ්‍යාපනික හා වෛද්‍ය ප්‍රදර්ශන, ක්‍රීඩා තරග, චිත්‍රපට ප්‍රදර්ශනය, සංගීත ප්‍රසංග ඇතුළු වැඩසටහන් රැසක් දරුවන් වෙනුවෙන් සූදානම් කර ඇති බවයි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත දහනායක පැවසුවේ.  

“නෙත් විශ්මලන්ත රේඩියෝව” අද අද දිනයේ ද ප්‍රචාරය වනවා. එහි ඉදිරිපත් කිරීම් සිදු කරන්නේ කළුතර විද්‍යාලය සහ අවට විද්‍යාලවල සිසුන් විසින්. “පැංචෝ ඩොට් එල් කේ” වෙබ් අඩවියට පිවිසීමෙන් නෙත් විශ්මලන්ත රේඩියෝව ඔබට ද ශ්‍රවණය කළ හැකියි. 

කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා මන්චි බිස්කට්, සමපෝෂ, මහජන බැංකුව සහ විෂන් කෙයාර් ප්‍රධාන අනුග්‍රහය ලබාදෙනවා.