Saturday, May 18, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලමින් නිකුත් කළ නියෝගයට එරෙහිව වෘත්තීය සමිති අඛණ්ඩ විරෝධතාවයක




රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය සමිති තවදුරටත් විවිධ ක්‍රියාමාර්ගවල නිරත වනවා.

වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසක් එම චක්‍රලේඛයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ ඉන් අනතුරුව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්. 

රාජ්‍ය සේවකයන් හෙළි කරන සත්‍ය වසන් කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ.