Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් විශ්මලන්තය දරු දැරියන්ගෙන් පිරී යයි




ලෝක ළමා දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් එෆ් එම් විශ්මලන්තය කළුතර විද්‍යාල පරිශ්‍රයේදී මේවනවිට සාර්ථකව පැවැත්වෙනවා. ඒ සඳහා දරු දැරියන් විශාල පිරිසක් උදෑසන සිටම එක්ව සිටිනවා.

පැමිණ සිටින දරු දැරියන් ඉතාමත් උද්යෝගයෙන් යුතුව නෙත් විශ්මලන්තයේ දරුවන් වෙනුවෙන් සංවිධාන කර ඇති දැනුම, විනෝදය රැගත් විවිධ වැඩසටහන්වල නිරතව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර පැවසුවේ. 

නෙත් එෆ් එම් විශ්මලන්තයට පැමිණ සිටින දරු දැරියන් කිහිපදෙනෙකු ද ඔවුන්ගේ සතුට නෙත් නිවුස් වෙත මෙලෙස පළ කළා. 

අද දවස පුරා පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය පිළිබඳ කළුතර විද්‍යාලයේ ආදි සිසුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා මන්චි බිස්කට්, සමපෝෂ, මහජන බැංකුව සහ විෂන් කෙයාර් ප්‍රධාන අනුග්‍රහය ලබාදෙනවා.