Saturday, May 18, 2024

General line - 0115112241

තද වැසි සහ තද සුළං පිළිබද කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්




තද වැසි සහ තද සුළං පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද උදෑසන 10 සිට හෙට උදෑසන 10 දක්වා පැය 24ක කාලයක් වලංගු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයෙ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමනිසා කදුකර ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබද විමසිලිමත් වන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ. එමෙන්ම කදුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රියදුරන් ද මෙම නිවේදනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.