Saturday, May 18, 2024

General line - 0115112241

මෝටර් රථයක් අධි බලැති විදුලි රැහැන් සහිත කණුවක ගැටී සිව්දෙනෙකුට තුවාල - ප්‍රදේශ කිහිපයකට විදුලි බලයත් ඇණ හිටී

බිමල් ශ්‍යාමන්




බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ අලෝතියාව ප්‍රදේශයේදී මෝටර් රථයක් අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක ගැටීමෙන් පැය කිහිපයක් බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ විදුලිය ඇණහිට තිබෙනවා.

බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වෙමින් තිබූ මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරින් රියදුරු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහල වෙත ගෙන ඇතුළත් කර තිබෙනවා. රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.