Saturday, May 18, 2024

General line - 0115112241

ඛණිජ තෙල් බෙදුම්කරුවන් ඉන්ධන ඇණවුම් කිරීමෙන් ඉවත්වීමේ තීරණයක




අද දිනය තුළ ඉන්ධන ඇණවුම් කිරීමෙන් ඉවත් වීමට ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඛණිජ තෙල් බෙදුම්කරුවන් වෙත ගෙවා ඇති කොමිස් මුදලෙන් සියයට 45ක් පමණ මාසික පරිහරණ ගාස්තුව ලෙස නැවත අය කිරීමට එරෙහිව තෙල් සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි. 

මේ හේතුවෙන් රටපුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවද ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ නොමඟ යවන සුලු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.