Saturday, May 18, 2024

General line - 0115112241

මහාචාර්ය සෙනරත් පරණවිතානගේ 50 වන ගුණ සමරුව අදයි




මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ පනස්වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. ඔහුගේ අභාවය සිදුවුණේ 1972 වසරේ අද වැනි දිනකයි.

1896 වසරේ ගාල්ලේ මැටරඹ ගම්මානයේදී උපත ලැබූ සෙනරත් පරණවිතානයන් පාසල් අධ්‍යාපනයෙන් පසු ගුරුවරයෙකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කළා. 1929 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාව බලා පිටත්ව ගිය සෙනරත් පරණවිතාන මහතා එහිදී පුරාවිද්‍යා ක්ෂේත්‍රය පිළිබද නිපුණත්වයක් ලබා ගත්තා.

ඉන් අනතුරුව මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට එක්ව සේවය කළ සෙනරත් පරණවිතාන මහතා 1923 වසරේ සිට 1935 වසර දක්වා මෙරට වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කර තිබෙනවා. 1936 වසරේදී එංගලන්තයට ගොස් ලේඩන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සෙනරත් පරණවිතානයන් එහිදී ආචාර්ය උපාධියක් හිමිකරගත්තා.

ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස 1940 වසරේ ඔක්තෝම්බර් පළමුවන දින සිය සේවය ආරම්භ කළ සෙනරත් පරණවිතාන මහතා 1956 වසර දක්වා එම ධූරය හොඹවනු ලැබුවා.

සීගිරිය ප්‍රෞඩ ඉතිහාසය වර්තමාන ලෝකයට ඉස්මතු කිරීමේ ගෞරවය සෙනරත් පරණවිතානයන්ට හිමිවන අතර සීගිරි කුරුටු ගී කියවා සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට ද මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සිදුකළ මෙහෙවර ලෝවැසියන් අදටත් අභිමානයෙන් සිහිපත් කරනවා.