Saturday, May 18, 2024

General line - 0115112241

ලෝක සත්ත්වය දිනය අදයි




ලෝක සත්ත්වය දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පැවසුවේ ලෝක සත්ත්ව දිනයට සමගාමීව රිදීගම සෆාරි උද්‍යානය තුළ සිය සංගමයේ ශාඛාවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි.

තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සභාපති හසන්ත විජේතුංග පැවසුවේ පරිසර සංරක්ෂණය සඳහා සත්ත්වයින් පිළිබඳ දැනුම ලබාදීම පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

පරිසරවේදී සජීව චාමිකර ද අදට යෙදී ඇති ලෝක සත්ත්ව දිනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.