Saturday, May 18, 2024

General line - 0115112241

ඩීසල් ලීටර්13,000ක් සමග බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලෙයි 

ජයන්ත වීරසේකර - වැල්ලවාය 




වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ හදපානාගල ප්‍රදේශයේ දී ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ දී එම බවුසර් රථය තුල ඩීසල් ලීටර් 13,200ක් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර අනතුරින් එම ඩීසල් තොගයට කිසිදු හානියක් සිදු වී නොමැත.

රියදුරු සහ සහයකටද කිසිදු හානියක් සිදු වී නොමැති අතර බවුසර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.