Saturday, May 18, 2024

General line - 0115112241

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ සහ කෘෂි රසායනික තොගයක් වවුනියාවෙන් සොයා ගැනේ

මාධව කුලසූරිය




නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන ලද වියළි කහ කෘෂි රාසායනික තොගයක් සමඟ සැකකරුවෙකු යුධ හමුදා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, වවුනියාව ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදීයි.

සැකකරු විසින් එම වියළි කහ සහ කෘෂි රසායන තොගය යාපනයේ සිට කොළඹ බලා රැගෙන යමින් සිටියදී යුධ හමුදා නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වියළි කහ කිලෝග්‍රෑම් 3,900 ක් සහ කෘෂි රසායන අඩංගු මිලිලීටර 250 ක ප්‍රමාණයෙන් යුතු බෝතල් 519 ක් සමඟ ඒවා ප්‍රවාහනය කළ ලොරි රථයක්ද යුධ හමුදා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු හා අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශණ සඳහා යුධ හමුදා නිලධාරීන් විසින් පොලීසිය වෙත භාරදී තිබෙනවා.