Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවට අයිස්ලන්ත ජනපතිගෙන් සහතිකයක්




ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව අයිස්ලන්තයේ ජනාධිපති ගුඕනි යොහැන්සන් පවසනවා.

සමාජ සංහිඳියාව රැකගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීම සම්බන්ධයෙන් අයිස්ලන්ත ජනාධිපතිවරයා යොමුකළ සුබපැතුම් පණිවුඩයක මේ බව දැක්වෙනවා.