Saturday, May 18, 2024

General line - 0115112241

කෝප් සභාපති තෝරන්න විපක්ෂය ඔන්ලයින් ඡන්දයක් ඉල්ලයි




පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමට මාර්ගගත ක්‍රමයට ඡන්දය පවත්වන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළා.

ඇතැම් මන්ත්‍රිවරුන් මේවනවිට විදෙස්ගත වීම හේතුවෙන් එම ක්‍රමය යටතේ ඡන්දය පවත්වන ලෙසයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එලෙස ඉල්ලීමක් කළේ. ඒ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ඇතිවූයේ මෙවන් සංවාදයක්. 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සාමාජිකයින් පත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දිනයේද අදහස් පළ කළා. මේ, පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කබීර් හෂීම් අද නිතරඟයෙන් තේරී පත්වුණා. ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වූ අවස්ථාවේදීයි.