Saturday, May 18, 2024

General line - 0115112241

නවක වදය දෙන සිසුන් අසාධු ලේඛණයට - දැඩි නීති සූදානමින්




නවක වදය ලබාදෙන සිසුන්ට රජයේ විභාග හෝ රාජ්‍ය ආයතනවල රැකියා කිරීමට නොහැකි වන පරිදි පවතින නීති සංශෝධනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.  

එලෙස නවක වදය ලබා දෙන සිසුන් සම්බන්ධයෙන් ජාතික අසාධු ලේඛණයක් ඇති කර ඊට ඔවුන්ගේ නම් ද ඇතුළත් කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

නවක වදය හරහා සිසුන් පීඩාවට හෝ මර්දනයකට ලක් කිරීමට කිසිවෙකුටත් අවස්ථාව නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් වැඩිදුරටත් පැවසුවේ.

නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විටින් විට කතාබහක් මතුවනවා. මේ වන විටද ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව ඇත්තේ නවක වදය ලබාදෙන සහ ඊට එරෙහි ශිෂ්‍ය කණ්ඩායම් අතර යළි මතුවන ගැටුම් හේතුවෙන්.