Saturday, May 18, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් තොර බොරතෙල් ආනයනය කර ඇතැයි කියන පුවත් සමබන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහක්




ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙරටට ආනයනය කර ඇතැයි ප්‍රකාශවන පුවත් සම්බන්ධයෙන් රට තුළ මේ වන විට කතා බහක් මතුව තිබෙනවා. ඒ, දේශපාලනඥයින් හා ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ඇතුලු විවිධ පාර්ශව ඒ පිළිබඳ විවිධ අදහස් පළ කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද ඊයේ පැවසුවේ මෙරටට බොරතෙල් ආනයවනය කිරීම සඳහා කොරල් එනර්ජි සමාගමට අවස්ථාව ලබාදීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වංචාවක් සිදුව ඇති බවයි.

මෙවන් පසුබිමක ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙරටට ගෙන්වීම හා අඩු ඔක්ටේන් අගයක් සහිත පෙට්‍රල් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති කතාබහ පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීද ඊයේ රාත්‍රීයේ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා.

ඔක්ටේන් අගය අඩු පෙට්‍රල් ජනතාව වෙත නිකුත් කිරීමේ අවදානමක් පවතින්නේද ?

රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ද ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුවුණා. ඒ පිළිබඳ විවිධ සාකච්ඡා සිදුවුවද මෙතෙක් එය ක්‍රියාවට නැංවී නැහැ. ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට නොහැකිද ? පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා ඒ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහභාගි වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහනේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.