Saturday, May 18, 2024

General line - 0115112241

"නෙත් FM බැලුම්ගල" හෙළිදරව් කිරීමෙන් පසු විදේශයන්හි සිට මෙහෙයවන අපරාධ මැඩලීම වේගවත් වෙයි




විදේශයන්හි සිට මෙහෙයවන ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ තවත් සංවිධානාත්මක අපරාධ පිළිබඳ නෙත් එෆ් එම් බැලුම්ගල කළ අනාවරණයෙන් පසු ඒ පිළිබඳ විමර්ශන වේගවත් වී තිබෙනවා. ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු ආරක්ෂක අංශ විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම විමර්ශනවලදී තහවුරු කර ගත් තොරතුරු අනුවයි. 

ගුරුසාමි සත්‍යසීලන් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු 43 වන වියේ   පසුවන්නෙක්. ඔහු මේ වන විට රටින් පළා ගොස් සිටින කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සීන්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙකු බවයි වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

මෙම සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන තිබෙනවා. කිඹුලා ඇලේ ගුණා සමග එක්ව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හා වෙනත් සංවිධානාත්මක අපරාධ සිදු කරන තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් නෙත් එෆ් එම් බැලුම්ගල කළ අනාවරණයන්ගෙන් පසු මීට පෙරද අත්අඩංගුවට ගැනුණා.

මේ අතර බාල බොරතෙල් මෙරටට ගෙන්වා ඇතැයි කියන වාර්තා සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙනවා.