Saturday, May 18, 2024

General line - 0115112241

හෝටර්න්තැන්න රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු 07ක් අත්අඩංගුවට




හෝටර්තැන්න රක්ෂිතයේ කිරිගල්පොත්ත ප්‍රේරක කලාපයේ අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතවූ බගවන්තලාව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනුකුට අද දඩ නියම කෙරුණ.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකලේ සැකකරුවන්ට රුපියල් අට ලක්ශ දස දහසක දඩ මුදලක් නියම කරනබවයි. හෝටර්තැන්න උද්‍යාන භාරකරු ටී පී දයාරත්න ඇතුළු වනජීවී නිළධාරීන් පිරිසක් ඉකුත් 27වනදා අළුයම සිදුකල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා.
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිප්ත් කිරීම අඩවි සහකාර රුක්ෂාන් ලක්ශාන්ත විසින් සිදුකල අතර හෝර්ටන්තැන්න උද්‍යානය භාරකරු ටී පී දායරත්නගේ නායකත්වයෙන් යුත් අඩවි ආරක්ෂක ජයරත්න ,යෝගචන්ද්‍රන්, චාමර සහ වන සත්ව නියාමක නානායක්කාර යන පිරිස වැටලීමට සම්බන්ධ වුනා.