Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවා යෝජනාව සම්මත වෙයි




ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51වන මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ලබාදී ඇති ඡන්ද සංඛ්‍යාව 20ක්. ඊට විපක්ෂව ඡන්ද 07ක් ලැබී ත‘බෙනවා. යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි සාමාජික රටවල් ගණන 20ක්.

එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය ද අයත්.

බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්ථානය, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.

ඡන්ද විමසීමේදී ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 20ක් සිය මතය පළ කිරීමෙන් වැළකී සිටියා.   

කෙසේවෙතත් මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ රණවිරුවන්ව ඉලක්ක කරගනිමින් මානව හිමිකම් සැසිවාරයේදී ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වන බවයි විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පැවසුවේ.