Saturday, May 18, 2024

General line - 0115112241

මෙරට ඩොලර් සංචිත තවත් පහළට




සැප්තැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා  ඩොලර් බිලියන 1යි දශම 8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

චීන මහජන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකා ඩොලර් බිලියන 1.4ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඊට ඇතුළත්. මේ බව අනාවරණය කෙරුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්නයකට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙලෙස පිළිතුරු ලබාදුන්නා.